Search This Blog

Total Pageviews

Powered By Blogger

Monday, July 24, 2017

මාතොටින් එන උතුරු සුළඟේ...........


ශ්‍රි ලංකාව තුළ අවුරුදු 30ක යුද්ධයක් තිබුණි.එය ජනවාර්ගික අර්බුදය ලෙසද හැදින්වුයේ 1950න් පසු කිසියම් දේශපාලනික මතවාද මත උතුරේ දෙමළ ජනතාව හා දකුණේ සිංහල ජනතාව අතර කිසියම් මතවාදයක් හටගත්තේය. අවසානයේ එය කෙළවර වුයේ මනුෂ්‍යත්වය ඉවතලමිni.  
                              යුද්ධය නිසා අපට උරුම වු දෑ බොහෝය.ඒ එකක්වත් සොඳුරු මතකයන් නොවනු ඇත.ඒ සෑම එකක්ම සෑම මතකයක්ම සිතාගත නොහැකි තරම් අඳුරු මතකයන් වේ.ජිවිත දස දහස් ගනන් අහිමි වුයේ ය. දෙමාපියන්ට දරුවන් අහිමි විය. දරුවන්ට දෙමාපියන් අහිමි විය. බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි විය, සැමියන්ට බිරින්දෑ වරු අහිමි විය, කොටින්ම කියතොත් මිනිසුන්ට මිනිසුන් අහිමි විය. එවන් අත්දැකීම් රැසක් අතර එක් කුඩා අත්දැකීමක් පාදක කරගෙන මහින්ද චන්ද්‍රසේකරයන් ගීතයක් රචනා කළේය. ගීතයනම් මා තොටින් එන උතුරු සුළගේ ගීතය වේ. මෙම ගීතය පාදක වුනු අත්දැකීම පුද්ගලානු බද්ද එකක් වුවත් කවියා එය නිර්මාණය තුළින් පොදු ප්‍රේක්ෂකයාගේ සංවේදි හදවත් ආමන්ත්‍රණය කර මුළු මහත් යුද්ධය දෙස විචාරශීලි තුන්වන ඇසකින් බලන්නට සැලැස්වීම විශිෂ්ට ලක්ෂණයකි.

                               ගීතයේ අත්දැකීම කුඩා එකකි. එනම් උතුරේ යුද්ධය තිබෙන අවදියේ එහි මායිම් ගම්මානයක උගන්වන්නට යන සිංහල ගුරුවරයෙකුගේ හෘදසාක්ෂියකි. නමුත් මෙහි ගීතය තුළින් විශාල පරාශයක කාථාව ඉදිරිපත් කිරීමට රචකයා සමත්ව ඇත.

                   මා තොටින් එන උතුරු සුළගේ 
                    ගිණි සිඹින මඩු පල්ලියේ
                    දෑස් අග මුතු අකුරු හංගන 
                    සරෝජා මගේ දෝනියේ 

                   වෙඩි හඩට පොඩි අකුරු ඇදවෙයි
                    මක් කරන්නද පැංචියේ 
                    ගුරුතුමි මා සිසුවියයි ඔබ
                    ඒත් අපි එක පංතියේ 



                     මුළු උතුරම ගිණි අරන් නමුත් ඒ ගිණි උතුරටම  විතරක් අයත් වුයේ නැත. උතුර හරහා ප්‍රේමයේ සංඛේතයක් වන මඩු පල්ලිය මැදින් ඒ රස්නය දකුණට ඇවිලීගෙන යය’. ඒ අතර මැද කඳවුරක අකුරු කරන දියණියකට කථකයා පවසන්නේ වෙඩි හඬට අකුරු ඇද වුනත් කුමක් කරන්නද යන්නය’. ගුරුවරු ඉන්නේ ඇදවෙන අකුරු නිවැරදි කරන්නය’.නමුත් මේ එසේ නිවැරදි කළ හැකි අවස්ථාවක් නොවේ මන්ද මුළු මහත් සමාජයක්ම අකුරු ඇදට ලියය’. වැරදියට ලියය’, එය ගුරුවරයෙකුට නිවැරදි කළ නොහැකි තරමටම රෝගය උඩු දුවා ඇති අවස්ථාවක’. කථිකයා පවසන්නෙ එම අවස්ථාවේ දෙදෙනාම එකම පංතියේ රැදි සිටින බවයි. ඒ වචනාර්ථයයි නමුත් අර්ථය ඊට වඩා ගැඹුරට යා යුතුය අවුරුදු 30ක යුද්ධයේදි සිංහල වෙවා,දෙමළ වෙවා,මුස්ලිම් වේවා,හැම ජාතියකම යුද්ධයෙන් පීඩා වින්දේ පහළ පන්තියේ මිනිසුන්ය’දකුණේ දුප්පත් අම්මා තාත්තගේ ළමුන් යුද්ධයෙන් මිය යද්දි,උතුරේඋතුරේත් අහිංසක මිනිසුන් මිය ගියේ ය’ඔවුන්ට යුද්ධයක් අවැසි නැත’නමුත් බැට කැවේ මොවුන් ය. කවදාවත්ම සිංහල ඉහළ පාලකයින්ගේ ළමුවත්,දෙමළ ධනපති පාලක පංතියේ පිරිසක්වත් මිය ගියේ නැත. මන්ද යුද්ධය ඔවුන්ගේ පැවැත්මේ ක්‍රියාදාමයක් නිසාවෙනි. රචකයා අවධාරණය කරන්නේ මේ කටුක යථාර්ථය වේ.

                      කර වටේ අත දමා හිනැහුනු 
                      කෝ නුබේ පොඩි යහළුවන් 
                      දයාවක් නැති ලෝකයක් දැක 
                      උන් ගිහින් පැන මායිමෙන් 
                      තාත්තා හීනෙන් ඇවිත් අත 
                      වනන තුරු කඳවුරු දොරින්
                      කාටවත් නැති දුවේ කවුරුත් 
                      නුඹ රකිවිද සෙනහසින්  
  
                         මේ වන විටත් ළගින්ම සිටි නෑදෑ හිත මිතුරෝ බොහෝ පිරිසක් ගිහින්ය. ඒ දයාවක් ඇති ලෝකයක්සො යාගෙනය. තෙතමනයක්,මනුෂ්‍යත්වයක්ඇ ති,ලෝකයක් සොයාගෙන ය. නමුත් ප්‍රශ්නය නම් මේ සමාජයේ එවන් තැනක් තිබේද යන්න යි. දෙමව්පියනුත් අහිමි කළ යුද්ධය දියණියගේ ඉරණමද ජිවිතය ද අතරමං කර ඇති බව කථකයා පවසයි. අවසාන පද පේළියෙන් කථකයා අසන පැණයෙන් ශ්‍රාවකයා සසල වනු නොවැලැක්විය හැකි වේ. එය හරිම සංවේදීජනක කාරණාවකි. ඇය ප්‍රශ්න කරන්නේ කාටවත් නැති දුවේ නුඹ කවුරු රකින්නද කියාය. ගැටලූව කාටවත් නැති දරුවෙක්, ඕපපාතික දරුවෙක් බිහිකළේ මේ බිහිසුණු සමාජ ක්‍රමය බව බෝහෝ පිරිසක් නොදැන සිටිම වේ.

                     මන්දිරේ දොර නුඹව කැඳවයි
                     බේබිලා හඬනා හඬින්
                     මයිමේ වැට අඩගසයි හෙට
                     අවි දරා රකිනා ලෙසින් 
                     දමා ගොදුරට කෙලෙස යන්නද 
                     ඒත් යන්නට වෙයි ඉතින් 
                     වරක් දැක සිත නිවා ගන්නට 
                     දුවේ ඩිංගක් හිනැහියන් 

                                
 ගීතයේ අවසාන කොටසේදී දියණියගේ ඉරණම මේ යුද්ධය විසින්ම තීරණය කර ඇත. එනම් අවස්ථා 2ක් ලබා දී ඇත. එකක්නම් දකුණට පැමිණ පොහොසත් පවුලක බෙබි බලාගන්නටය. අනෙක උතුරට වී මයිම රකින්නටය. ඒ අවස්ථා දෙකෙන් එකක් තොරාගත යුතු වේ. ඛේදනීය දෙය නම් මිනිසකුගේ   ඉරණම තීරණය කරනු ලබන්නේ මිනිසාවත් ග්‍රහ තාරකාවත් නොව මෙම සමජයේ සුළුතරයක් වු පිරිසකගේ උවමනා එපාකම් මතය. ඒ තුළ බහුතරයක් කුරිරු ඉරණමකට පත්ව ඇත.                                 ඇත්තටම යුද්ධය කාගේද?මේ පැනය ගීතය ඇසිමෙන් පසුව සැමටම ඇතිවනු ඇත.ජර්මානු නාට්‍යකරුවකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් වරෙක ප්‍රකාශ කළේ  උන්ගේ යුද්ධ,උන්ගේ සාමය බවය. යුද්ධයත් පාලකයින්ගේය, සාමයත් පාලකයින්ගේය. මේ නිසා සැමදා දුක් විදින්නේ මිනිසුන් ය.
                               දැන් යුද්ධය හමාර වී ඇත’නමුත් එය තාවකාලික විසඳුමක’. මෙහි මූල බීජය අප නැති කළ යුතුය. මෑතක එක්තරා දේශපාලකයෙක් පැවසූයේ යුධ ජයග්‍රහණය උත්සවාකාරයෙන් සැමරිය යුතු බවය. නමුත් යුද්ධය ජයග්‍රහණයක් නොව එය එක් අවස්ථාවක් පමණි’ සිංහල වේවා,දෙමළ වේව,ලක්ෂගනනින් මැරුණේ මිනිසුන් ය. මරන ලද්දේ මිනිසුන් ය. මිනිසුන් දහස් ගනනක් මරපු අවස්ථාවක් උත්සවාකාරයෙන් සමරන්නේ කෙසේද?යන්න ගැටළුවක’. ගීතය තුළින් යුද්ධය පිළිබඳව මේ ප්‍රශ්නය ඉතා සෞන්දර්යාත්මක ලෙස ශ්‍රාවකයාට සංවේගයක් දැනෙන අයුරින් ඉදිරිපත් කිරිමට සමත්ව ඇත. අවසාන වශයෙන් මෙයත් සමගම මතක් වන්නේ බන්දු ජයවීර නම් නූතන කවියාගේ කෙටි කවියකි. එය නම්,

                        මරණා හැටි මරණා හැටි
                        කපනා හැටි කොටනා හැටි 
                        තලනා හැටි පාගන හැටි 
                        දිවි තොර කරගන්නා හැටි 
                        ඇති පදමට අහපු දැකපු 
                        විඳපු අඩපු ජාතියකට 
                        නැවත් වරක් 
                        මැරෙණා හැටි කියනු කුමට?

     මේ ප්‍රශ්නය අප අපගෙන්ම ඇසිය යුතු වේ........