ගොයම් කරලින්
පිරුණු පෙම් හද
නැවුම්
හඩකින් පුබුදුවයි
සිනිදු
හිරු රැස් සෙමෙන් පතිතව
නැවුම්
පිනිබිදු කිති කවයි....
ගලා
හැලෙනා සිහිල් පිණි බිද
වියලි
තුරුපත් නිවාලයි
කිරින්
සපිරුණ ඇගේ තන පුඩ
ලොවක හෙට
දින සරු කරයි...
ගතින්
වැහැරෙන රුහිරු දා බිදු
මහා පොළවට
ජීවයයි
එවන්
පොළවක වැඩෙන තුරුපත්
ලොවම
සෙවණින් සනසවයි......
(උ,පු.ග)
No comments:
Post a Comment