Search This Blog

Total Pageviews

Powered By Blogger

Wednesday, May 31, 2017

දුප්පත් සිත.....

මහ වැස්සක
සිසිල විදින්න
දේදුන්නක ලස්සන
දකින්න
මට තත්පර නැහැ
ගෙපැල වහල
සිදුරුවෙලා වැහි
බිදෙන් නොතෙමෙන්න
මහා සටනක ......
වසන්තය එනු ඇතැයි
බලාපොරොත්තුවෙන්
කවුළුවෙන්
අනන්තය දෙස බැලූ වාර
අනන්තය
තවමත් මා කවුළුව
අසලය.......

Sunday, May 21, 2017

අම්මා.......


ගොයම් කරලින් පිරුණු පෙම් හද
නැවුම් හඩකින් පුබුදුවයි
සිනිදු හිරු රැස් සෙමෙන් පතිතව
නැවුම් පිනිබිදු කිති කවයි....
ගලා හැලෙනා සිහිල් පිණි බිද
වියලි තුරුපත් නිවාලයි
කිරින් සපිරුණ ඇගේ තන පුඩ
ලොවක හෙට දින සරු කරයි...
ගතින් වැහැරෙන රුහිරු දා බිදු
මහා පොළවට ජීවයයි
එවන් පොළවක වැඩෙන තුරුපත්
ලොවම සෙවණින් සනසවයි......



                          (උ,පු.ග)